ඖෂධ ශාඛ හා පැළෑටි රෝපණ ව්‍යාපෘතිය Print
Written by Administrator   
Monday, 23 November 2020 07:54

ඖෂධ ශාඛ හා පැළෑටි රෝපණ ව්‍යාපෘතිය

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මඟින් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණයන්හී ඖෂධ ශාඛ හා පැළෑටි රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ඒ අනුව හෝමාගම ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේදී   මෙම

වැඩසටහන ක්‍රියාත්මක කරන ලද‍ අතර ඒ නිමිත්තෙන් නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිඳුන් විසින් සුදු හඳුන් පැළයක් සිටුවා මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරන ලදී. මෙම වැඩසටහන යටතේ වටිනා දේශීය ඖෂධ ශාඛ 300 ක පමණ ප්‍රමාණයක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතී සරණ කරුණාරත්න මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරීන් රැසක් සහභාගී වූහ.

Last Updated on Monday, 23 November 2020 07:57