| කලාප කාර්යාලය |
|
| Written by Administrator |
| Wednesday, 21 April 2021 01:39 |
|
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය ”මාලිගාවත්තේදී” විවෘත වේ. සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සේවා පුළුල් කරමින් ආරම්භ කරන ලද පළමු කලාප කාර්යාලය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේදී 2021.04.05 දින විවෘත විය. "සෞභාගයයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියේ සෑම පවුලකටම සැප පහසු නිවසක්" සංකල්පය යටතේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් කොළඹ දිස්ත්‍රික්කය තුල ඉදිරි කාලයේදී ආරම්භ කිරීමට නියමිත කලාප කාර්යාල 4 අතරින් මෙම පළමු නියමු කලාප කාර්යාලය මෙය වේ. එකී කාර්යාලය එම අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතුන්ගේ සුරතින් එසේ විවෘත විය. අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඉඳුනිල් ලියනගේ මහතුන්ගේ සංකල්පයක් පරිදි සහාධිපත්‍ය දේපළ නියාමන, නඩත්තුව, අනවසර ඉදිකිරීම් වැලැක්වීම සහ ඉවත් කිරීම වේගවත් කිරීම මෙම කලාප කාර්යාල පිහිටුවීමේ අරමුණකි. එසේම රජයේ ප්‍රතිපත්තිය යටතේ අළුතින් ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණයන් නියාමනය කිරීම මෙම කලාප කාර්යාල මඟින් පහසුවෙන් ඉටු කිරීමට යෝජිතය. මූලික අදියර ලෙස අධිකාරිය මගින් මාලිගාවත්ත මහල් නිවාස ක්‍රමය සම්බන්ධයෙන් හා නිවාස වාසීන්ට කලාප කාර්යාලයෙන් ඉතාම ඉක්මනින් තමන්ට ඇති වන ගැටළු සම්බන්ධයෙන් මැදිහත්වීම සිදු කර ගත හැකි වනු ඇත. පහත දැක්වෙන කාර්යභාර්යන් ද අධිකාරිය මගින් තව දුරටත් ඉටු කිරිමට බලා පොරොත්තු වේ.
එසේම රට පුරා සිඝ්‍රව ව්‍යාප්ත වන රාජ්‍ය සහ පෞද්ගලික මහල් නිවාස අධීක්ෂණය හා නියාමනය සඳහා කොළඹින් බැහැර පලාත් තුල පලාත් කාර්යාල ආරම්භ කිරීමටද කටයුතු කරමින් සිටින බවට සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරීවරයා අදහස් ප්‍රකාශ කරන ලදී. |