| නිදන් අරමුදල |
|
| Written by Administrator |
| Monday, 13 September 2021 07:31 |
|
කළමනාකරණ සංස්ථා විසින් නිදන් අරමුදලින් වියදම් දැරීම සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ එකඟතාවය ලබා ගැනීමේ ක්‍රියාවලිය.
පළමු පියවර නිදන් අරමුදලෙන් වියදම් දැරීම සඳහා කළමනාකරණ සංස්ථාව විසින් අධිකාරිය වෙත පහත සඳහන් කරුණු සහිත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය.
දෙවන පියවර කළමනාකරණ සංස්ථාව විසින් ඉදිරිපත් කල ඉල්ලීමට අදාළව එය නිදන් අරමුදලෙන් දැරිය යුතු වියදමක්ද නැද්ද යන්න තහවුරු කරගැනීමට හා වියදම් දැරීමට නියමිත කාර්යයේ ස්වභාවය තහවුරු කරගැනීම සඳහා අධිකාරිය විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකරනු ලැබේ.
තෙවන පියවර එම තාක්ෂණික වාර්තාවෙන් අදාල කාර්යය නිදන් අරමුදලෙන් දැරිය නොහැකි වියදමක් බව අධිකාරියට තහවුරු වුවහොත්, අධිකාරිය විසින් කළමනාකරණ සංස්ථාව වෙත හැකි ඉක්මනින් දැනුම් දෙනු ලබයි.
සිව්වන පියවර එම තාක්ෂණික වාර්තාව අනුව, අදාල කාර්යය නිදන් අරමුදලෙන් දැරිය හැකි වියදමක් නම්, පහත සඳහන් පරිදි කළමනාකරණ සංස්ථාව ක්‍රියා කල යුතු අතර ඒ සඳහා පහත නිර්දේශ සහිත ලිපියක් අධිකාරිය විසින් කළමනාකරණ සංස්ථාව වෙත යොමු කරනු ලබයි.
පස්වන පියවර ඒ අනුව, කළමනාකරණ සංස්ථාව විසින් ඉහත තොරතුරු අධිකාරිය වෙත ඉදිරිපත් කල වහාම එම තොරතුරු පදනම් කරගනිමින්, අදාළ හදිසි වියදම සඳහා,
යන කරුණු ඇතුලත් කොට අධිකාරිය විසින් කළමනාකරණ සංස්ථාව වෙත නිර්දේශ ලිපියක් නිකුත් කරනු ලබයි.
හයවන පියවර : සම්මත වූ යෝජනා සම්මතය කළමනාකරණ සංස්ථාව විසින් අධිකාරිය වෙත ඉදිරිපත් කල වහාම අධිකාරියේ නිර්දේශ අනුව යෝජනා සම්මතය සිදුවී ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව අධිකාරියේ එකඟතාවය ලබාදීමට අදාළ ලිපිය නිකුත් කරනු ලබයි.
කෙසේ වුවද අප අධිකාරිය නිධන්ගත අරමුදලෙන් 75% ක උපරිමයකට යටත්ව පමණක් අනුමැතිය ලබාදීම සිදු වේ.
|
| Last Updated on Monday, 13 September 2021 07:37 |