Home අධිකාරියේ අරමුණු

සහාධිපත්‍ය පුවත්පත

frontpage 04

papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

අධිකාරියේ අරමුණු පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2011 ඔක්තෝබර් 21 වෙනි සිකුරාදා, 06:24
There are no translations available.

අධිකාරියේ අරමුණු

  • සහාධිපත්‍ය දේපළවල හෝ අර්ධ සහාධිපත්‍ය දේපළවල කොටස් ,සහාධිපත්‍ය අංගෝපාංග සහ පොදු පහසුකම් පාලනය කිරීම කළමණාකරණය කිරීම නඩත්තු කිරීම සහ පරිපාලනය කිරීම.
  • සහාධිපත්‍ය දේපළවල හෝ අර්ධ සහාධිපත්‍ය දේපළවල පොදු අංගෝපංග සහ පොදු පහසුකම් නිසි ආකාරයට හොදින් නඩත්තු කරන බවට සහතික වීම සහ ඒ දේපළ මනා තත්වයෙන් සහ සේවයට යොදවාගත හැකි අන්දමින් සහ නිසි ආකාරයෙන් නඩත්තු කිරීම සදහා කලින් කලට අලුත් වැඩියා කරන බවට සහතික වීම සහ ඒ ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීම සදහා කළමනාකරණ සංස්ථාවට හෝ අයිතිකරුවන්ට හෝ පදිංචිකරුවන් සහයවීම හෝ නැතහොත් ඒ ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීම කළමනාකරණ සංස්ථාව හෝ අයිතිකරුවන් හෝ අයිතිකරුවන් හෝ පදිංචිකරැවන් හෝ පැහැරහරින අවස්ථාවකදී ඒ ක්‍රියාවලට සෘජුවම මැදිහත්වීම.
  • ගින්නෙන් ,මහජන කැළඹීම්වලින් සහ කැරලිකලහල වලින් වන උපද්‍රව වලට එරෙහිව සහාධිපත්‍ය කොටස් සංයුක්ත වන සියලු ගොඩනැගිලි රක්ෂණය කිරීමට හෝ රක්ෂණය වලංගුව තබාගන්නා ලෙස කළමණාකරණ සංස්ථාව විසින් හෝ අයිතිකරුවන් විසින් හෝ අයිතිකරුවන් ඉල්ලා සිටිනු ලැබුවහොත් එසේ කරන බවට සහතික වීම සහ ඒ සදහා වූ වාරික හෝ වෙනත් ගාස්තු අවස්ථානෝචිත පරිදි කළමනාකරණ සංස්ථාවෙන් හෝ අයිතිකරුවන්ගෙන් ආපසු අයකර ගැනීම.
  • සහාධිපත්‍ය දේපළෙහි ලියාපදිංචි සහාධිපත්‍ය දේපලෙහි ලියාපදිචි අර්ධ සහාධිපත්‍ය පිඹුරට හෝ අර්ධ සහාධිපත්‍ය පිඹුරට පටහැනිව අදාල අයිතිකරුවන් හෝ සහාධිපත්‍ය කොටස් වල පදිංචිකරුවන් හෝ වෙනත් තැනැත්තෙකු විසින් ඉදිකරන ලද හෝ සිදුකර ඇති සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම .
  • සහාධිපත්‍ය දේපළේ හෝ අර්ධ සහාධිපත්‍ය දේපළේ කළමනකරණ සංස්ථාව නිසි ආකාරයෙන් ක්‍රියාකරන බවට වගබලා ගැනීම සහ ඒ කළමනාකරණ සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම .
  • සහාධිපත්‍ය දේපළේ හෝ අර්ධ සහාධිපත්‍ය දේපලේ සහධිපත්‍ය කොටස් වල කළමනාකරණ සංස්ථාවට හෝ අයිතිකරුට හො අයිතිකරුවන්ට හෝ පදිංචිකරුවන්ට ජලය, කසල කාණු ,ජලාපවහනය, ගෑස් ,විදුලිය, කුණු කසල බැහැර කිරීම, වායු සමීකරණය, දුරකථන ,ගුවන්විදුලි සහ රෙඩිපියුශන් වැනි සේවා ලබා දීමේදී ඒ අයිතිකරුට අයිතිකරුවන්ට පදිංචිකරුවන්ට සහය වීම.
  • සහාධිපත්‍ය කොටස්වල අයිතිකරුවන්ගේ හෝ පදිංචිකරුවන්ගේ ප්‍රයෝජනය සදහා මාර්ග ප්‍රවේශයන් තණ පිට්ටනි වතු උද‍යාන , ක්‍රීඩාංගන සහ වෙනත් එලිමහන් ස්ථාන පිහිටුවා නඩත්තු කිරීමට සහයවීම හෝ එවැනි පහසුකම් පිහිටුවීම සහ නඩත්තු කිරීම සදහා පළාත් පාලන ආයතන වෙත පැවරීම.
  • සහාධිපත්‍ය දේපළවල හෝ අර්ධ සහාධිපත්‍ය දේපලවල සහාධිපත්‍ය කොටස්වල කළමනාකරණ සංස්ථාවේ හෝ ඒවායේ අයිතිකරුවන්ගේ හෝ පදිචිකරුවන්ගේ ඉල්ලීම පරිදි ඒ සහාධිපත්‍ය කොටස් නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීමේ සේවා සැපයුම.
  • පලුදු දරන්නන් අයිතීන් ආරක්ෂාවීම සහතික වීම සදහා ලියාපදිචි තාවකාලික සහාධිපත්‍ය දේපළ තැනීමේ ප්‍රගතිය නියමනය කිරීම සහ ඒ අයිතීන් ආරක්ෂා කිරීමට අවශ‍ය කවර හෝ අවස්ථාවකදී ඊට මැදිහත්වීම.
  • රජය විසින් අනුමත කිරීම සදහා ප්‍රාග්ධන ආයෝජන සැලසුම් ඇතුලු සහාධිපත්‍ය දේපළ නැවත සංවර්ධනය කිරීම් වැඩසටහන් සකස් කිරීම සහ අනුමැතිය සදහා අමත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම .
  • රජය විසින් අනුමත කරනු ලබන වැඩ සටහන්වලින් සහාධිපත්‍ය දේපළ නැවත සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියත්මක කිරීම සදහා භාරගැනීමට හෝ ඒ ව්‍යාපෘති ක්‍රියාවේ යෙදවීමට භාර ගැනීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියකින් හෝ නිවාස සංවර්ධන අධිකාරියකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ රජයේ යමි නියොජිත ආයතනයකින් හෝ පෞද්ගලික සංවර්ධනකරුවෙකුගෙන් ඉල්ලා සිටීම.
  • යම් ලියාපදිංචි අර්ධ සහාධිපත්‍ය පිඹුරක දැක්වෙන යම් සහාධිපත්‍ය ගොඩනැගිල්ලක් අයිතිකරු විසින් අවසන් කිරීම පැහැර හැරීමේදී එය අවසන් කිරීමට භාර ගැනීම සහ අධිකාරියේ අරමුණු වලින් යම් අරමුණක් ඉටුකර ගැනීම සදහා ඉඩම් සංවර්ධනය කිරීම හෝ නැවත සංවර්ධනය කිරීම .

ඉහත සදහන් අරමුණු සියල්ලම හෝ ඉන් යම් අරමුණක් ඉටුකර ගැනීම සදහා අවශ‍ය වන හෝ අහිතකර වන වෙනත් සියළු දේ කිරීම .

 
කතුහිමිකම © 2013 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය
 

විකිණීමට ඇති සහාධිපත්‍ය දේපළ

Powered by Marketplace

FacebookIcon

 whd2012

vedionew

audionew