Home Management Corporations Power of the MC

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

MC Powers PDF Print E-mail
Written by Administrator   
Monday, 28 November 2011 08:37

කළමනාකරණ සංස්ථාවේ බලතල


සහධිපත්‍ය දේපළේ යම් ඒකකයක් වෙනුවෙන් රජයේ  යම් අධිකරියක් විසින් නියම කරනු ලබන පොදු අංගෝපාංග සහ අළුත්වැඩියාවන් පිලිබදව දැන්වීමක් අනුව කටයුතු කිරීමේදී ,


  • කලමනාකරණ සංස්ථාව විසින් වැය කරන ලද යම් මුදලක් වේ නම් , එය අයිතිකරුගෙන් අයකරගනීමට නීත‍්‍යානුකූල අයිතිය කළමනාකරණ සංස්ථාවට ඇත.
  • ඒකක අයිතිකරුවන් විසින් පොදු අංගෝපාංග භුක්ති විදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පාවිච්චිය සදහා  චංචල දේපල මිලට ගැනීම , කුලියට ගැනීම හෝ අන්‍යාකරයෙන් අත්කර ගැනීමට ද ඊට බලය ඇත .
  • 1982 අක 45 දරණ බද්ධ නිවාස අයිතිකම්(සංශෝධන ) පනතේ දෙවන උපලේඛණයේ දක්වා ඇති අතුරු ව්‍යවස්ථා බල ගැන්වීම සදහා අවශ‍ය නිත්‍යානුකූලව පියවර ගැනීමට කලමනාකරණ සංස්ථාවට බලය ඇත.
  • කලමනාකරණ සංස්ථා විසින් සියළුම අයිතිකරුවන්ගේ යහපත සැලසෙන ආකාරයෙන් පොදු අංගෝපාංග පරිපාලනය සහ කලමනාකරණය කල යුතුය. තවද , සංස්ථාව විසින් යම් නිශ්චිත අයිතිකරුවකු සමග එකගතාවක් ඇති කරගෙන පොදු අංගෝපාංගවල යම් කොටසක් පාවිච්චි කිරීම හෝ භුක්ති විදීමේ තනි අයිතිය හො පොදු අංගෝපාංග හෝ  එහි යම් කොටසක් සම්බන්ධයෙන් විශේෂ වරප්‍රසාද එහි අයිතිකරුට , කලමනාකරණ සංස්ථාවට දිය හැක.
  • යම් ඒකකයක් දෙන ලද ඉහත දක්වන ලද යම් නියමයක් හෝ දැන්වීමක් අනුව යුක්තිසහගත කාලයක් ඇතුලත කටයුතු කිරීම ඒකක අයිතිකරු පැහර හැරියහොත් ඒ දැන්වීමට හෝ නියමයට අනුව ක්‍රියා කරමින් ඒ සදහා වැය කරන ලද මුදල එම අයිතිකරුගෙන් අයකර ගනීමට නිත්‍යනුකූල පියවර ගැනීමටද ඊට බලය ඇත . 
  • මේ ආදී වූ බලතල රාශියක් කලමනාකරණ සංස්ථාවට ඉහත පනත මගින් ලබා දී ඇත .
 
Copyright © 2024 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner