Home කලමනාකරණ සංස්ථා පරිපාලනය හා අරමුදල්

සහාධිපත්‍ය පුවත්පත

frontpage 04

papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

පරිපාලනය හා අරමුදල් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2011 නොවැම්බර් 28 වෙනි සදුදා, 08:42

කළමනාකරණ සංස්ථාවේ පරිපාලනය හා අරමුදල්


මෙම කළමනාකරණ සංස්ථාවේ රැස්වීම් පැවැත්වීම සභාව විසින් සුදුසු යැයි අදහස් කරන වෙලාවක නියම කරනු ලබන කාලපරිච්ඡේද වලදී, වරක් රැස්විය යුතු වේ. මෙසේ රැස්වීම් පැවැත්වීමේ දිනය තීරණය කර ගත් පසුව එම දිනය පිළිබඳව දින 07 කට නොඅඩු කාලයක දැන්වීමක් කල යුතුය.සහාවේ ගණපූරණය ඒකක අයිතිකරුවන්ගේ මුළු සංඛ්යාවෙන් 51% කට නොඅඩු විය යුතුය.රැස්වීම් වලදී මතු වන ගැටළු සම්බන්ධයෙන් සාමාන්ය බහුතර ඡන්දයෙන් තීරණය කළ යුතුය.සෑම රැස්වීමකම මූලාසනය සභාපති විසින් දැරිය යුතු අතර, සභාපති නොමැති අවස්ථාවක රැස්වීමට පැමිණ  සිටින සාමාජිකයන්ගෙන් තෝරා පත් කර ගන්නා සභාපතිවරයෙකු විසින් දැරිය යුතු අතර, සභාපතිවරයාට  ඔහුගේ මුල් ඡන්දය මෙන්ම තීරක ඡන්දයක්ද හිමිවිය යුතුය.


 කළමනාකරණ සංස්ථාවේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්යයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සුදුසු යයි සභාව විසින් අදහස් කරනු ලබන අනුයෝජිතයන්  හෝ සේවකයන්  සංස්ථාව වෙනුවෙන් සේවයේ යොදවනු ලැබිය හැක.


කළමනාකරණ සංස්ථාව විසින් එහි කටයුතු පිළිබඳ වාර්තා තැබිය යුතු අතර,මහ සභා රැස්වීම් වාර්තා තැබිය යුතු ය. කළමනාකරණ සංස්ථාවට ලැබුණු සහ සභාව විසින් වියදම් කරන ලද සියලු ප්‍රමාන සම්බන්ධයෙන් එම ලැබීම් සහ වියදම් සිදුවූයේ කවර කරුණු සම්බන්ධයෙන් ද යන්න සඳහන් කරන නිසි ගිණුම් පොත් තැබිය යුතුය. ඒකක අයිතිකරුවන් හෝ ඔහුගේ බලය පවරන  පුද්ගලයෙකුට ලිඛිත ඉල්ලීමක් මත සාධාරණ වෙලාවකදී ගිණුම් පොත් පරීක්ෂා කිරීමට ඉඩ දිය යුතුය.


සංස්ථාව විසින් කරනු ලබන සියළු මුදල් වියදම් සහ ආදායම් පිළිබඳව නිසි ගිණුම් වාර්ෂික මහ සභාවට ඉදිරිපත් කල යුතුය. කළමනාකරණ සංස්ථාව විසින් පත් කරන ලද ගණකවරුන්  විසින් වාර්ෂිකව ගිණුම් විගණනය කළ යුතුය.


මෙසේ විගණනයට භාජනය වන ගිණුම් වාර්ෂික මහ සභාවෙන් පසුව සම්මත කර ගන්නා ලද යොජනා සම්මතයක් සහ මහ සභා රැස්වීම් වාර්ථාවේ සහතික කළ පිටපතක් සමඟ සභාධිපත්ය කළමනාකරණ අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු වේ.


සභාධිපත්ය පිඹුර ලියාපදිංචි කිරීමෙන් මාස 06 කට පසුව පළමු මහ සභා රැස්වීම පැවැත්විය යුතු අතර, ඉන් පසුව සෑම වර්ෂයක් පාසාම මහ සභා රැස්වීම් පැවැත්විය යුතු වේ. සෑම වාර්ෂික මහ සභා රැස්වීමක්ම පවත්වා ඊළඟ මහ සභා රැස්වීම පැවැත්වීමට මස 15කට වඩා නොගත යුතු බවද පනතේ දක්වා ඇත.


ඒකක අයිතිකරුවන්ගෙන් 25% ක් විසින් කරන ලද ඉල්ලීමක් අනුව අති විශේෂ මහ සභා රැස්වීමක් කැඳවිය හැක. තවද ඒකක අයිතිකරුවන් සුදුසු යැයි අදහස් කරන අවස්ථාවකදී ද අති විශේෂ මහ සභාවක් කැඳවිය හැක.


මහ සභා රැස්වීමක් සඳහා දින නියම කරනු ලබන වෙලාවෙන් පසු පැය ½ ක් ඇතුළත ගණපූරණයක් නොමැති වුවහොත් රැස්වීම ඊළඟ සතියේ එම දිනයේම එම වෙලාවේදීම එම ස්ථානයේදීම පැවැත්වීම සඳහා කල් තැබිය හැකි අතර, එහි දී කල් තබන ලද රැස්වීම නියමිත වෙලාවෙන් පසුව පැය ½ ක් ඇතුළත එම රැස්වීම සඳහා ද ගණපූරණයක් නොවුවහොත් ජන්දය පාවිච්චි කිරීමට හිමිකම් ඇති පැමිණ සිටින අයිතිකරුවන්ගෙන් ගණපූරණය සමන්විත විය යුතුය.


කළමනාකරණ සංස්ථාවේ ජන්දය විමසන අවස්ථාවක දී සියළුම ඒකක අයිතිකරුවන්ගේ ඒකමතික තීරණ අවස්ථාවක දී හැර අති විශේෂ අවස්ථාවක දී ජන්දය විමසන විටකදී කළමනාකරණ සංස්ථා දායක මුදල් නියමිත පරිදි ගෙවා ඇත්නම් මිස ගෙවීම් පැහැර හරින්නන්ට ජන්දය ලබා සීමට හිමි කම් නැත. මේ ආදී වශයෙන් කළමනාකරණ සංස්ථාවේ සංයුතිය  පිළිබඳව පනතේ විස්තර දක්වා ඇත.

 
කතුහිමිකම © 2013 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය
 

විකිණීමට ඇති සහාධිපත්‍ය දේපළ

Powered by Marketplace

FacebookIcon

 whd2012

vedionew

audionew