Unit Owners Response Print
Written by Administrator   
Monday, 28 November 2011 00:00

ඒකක අයිතිකරුවන්ගේ වගකීම

 

1. ගොඩනගිල්ලේ පොදු නමට හානිකර විය හැකි නීති විරොධී කිසිම කාර්යයක් සදහා තමාගේ ඒකකය පාවිච්චි නොකල යුතුය.


2. දුම හො දුමාරය හො දුර්ගන්ධය ඇති කරන කිසිම ද්‍රව‍යක් හො දෙයක් ඉන්ධන ලෙස භාවිතා නොකල යුතුය.


3.අයිතිකරුවන් විසින් තමා ගන්නා ලද කසළ භාජනවලට හො ගොඩනැගිල්ල සදහා සපයා ඇති කසළ බදුන්වලට හැර පොදු අගොපාග හො ඒවායේ යම් කොටසක් මතට කුණු කසළ 

   විසිකිරීම හො වැටීමට ඉඩ හැරීම නොකළ යුතු ය.


4.වෙනත් යම් අයිතිකරුවෙකුට කරදරයක් විය හැකි යම් සතෙකු තම ඒකකය තුල හො පොදු අංගෝපාංග තුල තබා නොගත යුතුය .


5.ඒකක අයිතිකරුවන්ට හො ඒ අයිතිකරුවන්ගේ පවුල්වල අයට පීඩාවක් හො අනතුරුදායක තත්වයක් ඇතිවන යම් ආකාරයකින් හො යම් කාර්යයක් සදහා තම ඒකකය පාවිච්චි කිරීම   

   හො පාවිච්චි කිරීමට ඉඩදීම නොකළ යුතුය.


6.සහාධිපත්‍ය දේපළෙ පොදු අංගෝපාංග පරිපාලනය සහ කලමනාකරණය කිරීම සදහා එම කටයුතු මනාව පවත්වා ගැනීම සදහාත් ඒකක අයිතිකරුවන් විසින් පූර්ණ ක්‍රියාකාරී

   සහයෝගය කලමනාකරණ සංස්ථාවට ලබාදිය යුතුවේ .


7.පහත සදහන් කාර්යය සදහා ඔහුගේ ඒකකයට සියළු සාධාරණ වේලාවල් තුලදී සහ දැන්වීමක් කිරීම අවශ‍ය නොවිය යුතු හදිසි අවස්ථාවකදී හැර සාධාරණ දැන්වීමක් කිරීමෙන් පසු

   ඒකකයට ඇතුළුවීමට සහ එහි නියොජිතයන්ට අවසර දිය යුතුය.


          1.ඒකකය පරීක්ෂා කිරීම


          2.වෙනත් යම් ඒකකයක් හො පොදු අංගෝපාංග භුක්තිවිදීම සම්බන්ධයෙන් භාවිතා වන හෝ     භාවිතා කළ හැකි මළ අපවහන නල , පයිප්ප , වයර් , කේබල් හා ප්‍රණාල

             නඩත්තු කිරීමට ,     අළුත්වැඩියා කිරීමට හෝ අළුත් කිරීමට
    

          3.පොදු අංගෝපාංග නඩත්තු කිරීම හො  අළුත් කිරීම
    

          4.සංස්ථාවේ කාර්ය ඉටුකිරීම හෝ පනතේ දෙවන උපලේඛනයේ සදහන් අතුරු ව්‍යවස්ථා හෝ     ගොඩනැගිල්ලට බලපාන වෙනත් අතුරු ව්‍යවස්ථා හෝ ගොඩනැගිල්ලට

             බලපාන වෙනත්     අතුරු     ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීම සදහා හෝ සම්බන්ධයෙන් සාධාරණව අවශ්‍ය විය හැකි     යම් වැඩක්     ක්‍රියාත්මක කිරීම


8.ගොඩනැගිල්ලේ පොදු යහපත තකා වූ වැඩ හැර , තමන්ගේ ඒකකය සම්බන්ධයෙන් කළ යුතුයැයි යම් රජයේ , මහජන හො ව්‍යවස්ථාපිත අධිකාරියක් විසින් නියම කරනු ලබන

   සියළුම වැඩ ඒකක අයිතිකරු විසින් නොපමාව කළ යුතු අතර , ඔහුගේ ඒකකය වෙනුවෙන් ගෙවිය යුතු සියළු වරිපනම් හා වියදම් ද ගෙවිය යුතු ය . 


9. තම ඒකකය අළුත්වඩියා කර නඩත්තු කළයුතුවාක් මෙන්ම යුක්ති සහගත දිරායාම සහ ගෙවීයාම හා ගින්නෙන් , කුණාටුවෙන්, හා චන්ඩ මාරුතයෙන් හා ස්වභාව ධර්මයේ

    විපත්වලින් සිදුවන හානි හර යහපත් අළුත්වැඩියා තත්වයකින් තබාගත යුතුය .


10.අනෙක් අයිතිකරුවන් හො ඔවුන්ගේ පවුල්වල අය හො ඔවුන්ගේ අමුත්තන් විසින් පොදු අංගෝපාංග පාවිච්චි කිරීම හා භුක්ති විදීම කෙරෙහි අහිතකර ලෙස බලනොපාන

     ආකාරයෙන් හා ඔවුන්ගේ යුක්ති සහගත පාවිච්චියට අවහිර නොවන ආකරයෙන් පොදු අංගෝපාංග පාවිච්චි කිරීම හා භුක්ති විදීම කළ යුතුය.


11. සැලසුම අනුමත කිරීම හා තත්කාලයේ වගකිවයුතු අධිකාරිය විසින් අනුමත කරන ලද සැලසුමෙන් දක්වා ඇති තම ඒකකය භාවිතා කිරීම පිලිබදව නියමයන්ට පැටහැනිවන යම්

      කාර්යයක් සදහා තමාගේ ඒකකය පාවිච්චි නොකළ යුතුය.


12. තමාගේ ඒකකයේ අයිතියේ වෙනසක් හො තමගේ ඒකකය සම්භන්ධයෙන් වූ තමා දන්නා වෙනත් යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සංස්ථාවට නොපමාව දැනුම් දිය යුතුය.