| ජනසෙවණින් ආලෝකමත් වූ |
|
| Tuesday, 31 July 2012 07:14 |
|
ජනසෙවණින් ආලෝකමත් වූ මාලිගාවත්ත ජනපතිඳුන්ගේ නිරීක්ෂණයට
කළමනාකරණ සංස්ථා පිහිටුවා එම තත්වය සඳහා පිළියම් යෙදීමට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය උත්සාහ කලත් නිවාස වාසීන් පවසා සිටියේ මෙම විශාල අළුත්වැඩියාවන් හා ප්‍රතිසංස්කරණයන් කර දෙන්නේ නම් කළමනාකරණ සංස්ථා පිහිටුවා ඉන් ඉදිරියට නිසි ලෙස මෙම මහල් නිවාස පද්ධතිය පවත්වා ගෙන යන බවයි.
මේ පිළිබඳවත් මෙහි ආර්ථික හා සමාජීය වටිනාකම පිළිබඳවත් අවධානය යොමුකල ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් මෙම අළුත්වැඩියාවන් ආරම්භ කෙරිනි.මෙම මහල් නිවාස යෝජනා ක්‍රමයේ ප්‍රථම අදියර ලෙස නිවාස කට්ටි (Blocks) 38ක නිවාස ඒකක 828ක් ප්‍රතිසංස්කරණයට බදුන්විය.
|