Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

Notice
  • There was a problem rendering your image gallery. Please make sure that the folder you are using in the Simple Image Gallery plugin tags exists and contains valid image files.

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

PDF Print E-mail

වසර 41 කට පසු ප්‍රතිසංස්කරණ කල මැද කොලඹ මහල් නිවාස ජනතා අයිතියට


open 001රුපියල් ලක්ෂ 239 ක් වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණ කරන ලද කොළඹ 12 අලුත්කඩේ මහල්නිවාස යොජනා ක්‍රමය සහ ඩයස් පෙදෙස මහල් නිවාස යෝජනා ක්‍රමය ප්‍රතිසංස්කරණයෙන් පසු ජනතා අයිතියට පත්කිරිම ඉදිකිරීම්,  ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම නිවාස යෝජනා ක්‍රමයන්හිදී සිදුකෙරිණ .


අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජනසෙවණ නගමු පුරවර වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සහාධිපත්‍ය කලමනාකරණ අධිකාරිය මගින් මෙසේ පූර්ණ ප්‍රතිසංස්කරණයන්ට ලක්කෙරිණ .


එසේ ප්‍රතිසංස්කරණයට ලක් වූයේ එවක බායිගේ වත්ත ලෙස හැදින්වූ 1980 දී ඉදිකල නිවාස 30 කින් සමන්විත වර්තමානයේ ඩයස්  පෙදෙස නමින් හැඳින්වෙන නිවාස යෝජනා ක්‍රමයත් , 1972 දී ඉදිකල අලුත්කඩේ නිවාස යෝජනා ක්‍රමයත් ය . අලුත්කඩේ නිවාස  ගොඩනැගිලි 04 කින් සමන්විත නිවාස 95 ක් පිහිටා ඇති නිවාස යෝජනා ක්‍රමයකි . ඊට අමතරව මෙහි ප්‍රජාශාලාවක් ද පිහිටා ඇත .


මෙම නිවාස ව්‍යාපෘති පුළුල් ප්‍රතිසංස්කරණකට ලක්වනුයේ බොහෝ වසර ගණනකට පසුව වීම විශේෂත්වයකි . මින් අළුත්කඩේ මහල් නිවාස වසර 41 කට පසුවත් , ඩයස් පෙදෙස මහල් නිවාස වසර 33 කට පසුවත් ප්‍රතිසංස්කරණ වීම තුලින් එවායේ ජීවත්වන පවුල් 125 කට ප්‍රතිලාභ හිමිවිය .


මෙම මහල් නිවාස ප්‍රතිසංස්කරණ සඳහා ඩයස් පෙදස මහල්නිවාස  සදහා ලක්ෂ 62 ක කුත් , අළුත් කඩේ මහල් නිවාස සඳහා ලක්ෂ 177 කුත් ලෙස ලක්ෂ 239 ක් වැය විණ .
මේ යටතේ වහල අළුත්වැඩියාව , වැහි පීලි හා නළ අළුත්වැඩියාව , කපරාරු කිරීම , තීන්ත ආලේප කිරිම , අපත නළ අළුත්වැඩියා කිරීම , ප්ලාස්ටික් ජල ටැංකි අලුතින් සවිකිරීම , ජල කාන්දු අලුත්වැඩියාව , කසල බක්කි දොරවල් සවිකිරීම , මනුවලවල් ඉදිකිරීම , භූමි ප්‍රතිසංස්කරණ හා අළංකරණය සිදුකරන ලදී .


නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ  අමාත්‍ය ඒඑච්.එම්.ෆවුසි , කොළඹ දිස්ත්‍රික් නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් , ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී . එච්.එල් .විමලසිරි පෙරේරා , සහාධිපත්‍ය කලමනාකරණ අධිකාරියේ සභාපති  නීතිඥ කපිල ගමගේ , නාගරික ජනාවාස අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ යන මහත්වරු ඇතුළු මහල් නිවාස වැසියෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ .{gallery}aluthkade_dias/{/gallery}

 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05