Home පුවත් නවතම පුවත් වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු

papertags1

papertags2

3papertagsin

4papertag s

papertags 05

papertags 06

7papersin

gazatte

සහාධිපත්‍ය පුවත්පත

frontsadhipathya paper

වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2022 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 08:28
There are no translations available.

වෙනසක් නොකරමු - කිසිවෙක් හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු

ජනාවාස සමඟ ක්‍රමයෙන් සාමාජීය අවශ්‍යතාවයන් පුළුල් වීම සහ නාගරීකකරණය කරා ගමන් කිරීමත් සමඟ පදිංචිය සඳහා සුදුසු පහසුකම් සහිත නිවසක බලාපොරොත්තුව සැමගේ මූලික ජීවන අවශ්‍යතාවයක් සේම අපේක්ෂාවද වී ඇත. නාගරීකරණය හේතු කොට ගෙන ඇති වූ නිවාස ඉල්ලුමට සරිලන භූමි ප්‍රමාණයක් එම තදාසන්න ප්‍රදේශවල නොවූ බැවින් සිරස් අතට පැතිරුණු නිවාස වෙනුවට තිරස් බහු මහල් නිවාස එම සාමාජීය අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉදිවිණ.

 

ජනගහණ වර්ධනය සමඟ සමපාත කිරීමට අපහසු මෙම නිවාස හිඟකමේ පරතරය අවම කර ගැනීම සඳහා රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් මඟින් මෙම මහල් නිවාස ඉදිකෙරිණ. ඒවායේ දිගුකාලීන පැවැත්ම හා යහපත් සාමාජීය පසුබිම නිර්මාණය කිරීම උදෙසා 1973 අංක 10 දරණ පොදු පහසුකම් මණ්ඩල පනත සංශෝධනය වී 2003 අංක 24 දරණ පොදු පහසුකම් මණ්ඩල (සංශෝධන) පනත මඟින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය බිහිවිණ. සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ප්‍රමුඛ කාර්යයන් වනුයේ,

  1. 1.රාජ්‍ය හා පෞද්ගලික අංශය මඟින් ඉදිකරනු ලබන සහාධිපත්‍ය දේපළ තුළ පොදු අංගෝපාංග හා පොදු පහසුකම් නියමානුකූලව පිහිටා ඇති බවට සහතික කර ඒ සඳහා සහාධිපත්‍ය සහතිකය නිකුත් කිරීම.
  2. 2.රාජ්‍ය හා පෞද්ගලික සහාධිපත්‍ය දේපළවල පාලනය, නඩත්තුව සහ පරිපාලනය පවත්වාගෙන යාම සඳහා කළමනාකරණ සංස්ථා පිහිටුවීම සහ ඒවා සක්‍රියව පවත්වාගෙන යාම.
  3. 3.සහාධිපත්‍ය දේපළ සම්බන්ධයෙන් වන ආරවුල් සමථකරණය සහ සහාධිපත්‍ය දේපළයන්හී පොදු අංගෝපාංග සහ පොදු පහසුකම්වලට අවහිර වන සේ ඉදි කර ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම.

 

යන කාරණයන්ය. 1986 වසරේදී ඇරඹි ලෝක ජනාවාස දිනය 36 වන වරටත් සමරනු ලබන 2022 වසරේ අප අධිකාරියක් ලෙස සිදු කරනුයේද එම තේමාවට අනුව තිරසර සංවර්ධනයක් සඳහා වූ ප්‍රතිපත්ති බලාත්මක කිරීම සඳහා ඉන් රැකවරණය ලබන ජනතාවට පහසුකම් සැපයීම සඳහා මහල් නිවාසවාසීන්ගේ රැකවරණය සුරක්ෂිත කිරීමයි.

 

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතාගේ ආරාධනයෙන් තේනුක විදානගමගේ හා අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ එක්සත් ජාතින්ගේ මානව ජනාවාස ප්‍රධානී ලක්ෂ්මන් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍ය ගරු දිනේෂ ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.10.03 වන දින පෙ.ව. 9.30 ට අරලියගහ මන්දිරයේදී උත්සවාකාරයෙන් සමරනු ලැබේ.

 

මෙවර ලෝක ජනාවාස දින තේමාවට අනුව සහාධිපත්‍ය නිවාස හිමියන්ද දේපළ සංවර්ධකයින්ද ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයින් හටද නිරන්තර රැකවරණයක් සැපයූවෙමු. නාගරීකරණය තුළ වූ සහාධිපත්‍ය ක්ෂේත්‍රයේ සියළු පාර්ශවයන් තනි නොකර ඔවුනට අත්වැලක් වූයෙමු. එබැවින් ඔබේ සහාධිපත්‍ය දිවිය වඩාත් යහපත් කරවීම උදෙසා අපි නිබඳවම ඔබ සමඟ වූයෙමු. සවිමත් කළමනාකරණ සංස්ථාවක් සුවපහසු මහල් නිවාස දිවියක සවියයි.

https://youtu.be/H3tLQRnitks

 

අවසන් යාවත්කාලීන කිරීම 2022 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 08:36
 
කතුහිමිකම © 2024 Open Source Matters. සියළු හිමිකම් ඇවිරිනි.
ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි
බැනරය