Written by Administrator
|
Monday, 28 November 2011 08:50 |
ඒකක අයිතිකරුවන්ගෙන් අපේක්ෂා කරන චර්යාධර්ම
- වසගත රෝග සහාධිපත්‍ය දේපළ ආශ්‍රිතව බහුලව පැතිරෙන බව සොයාගන ඇත . එක් ඒකකයක වෙසෙන කිසිවකුගේ නොසැලකිලිමත් කම් නිසා සියලු නිවසියන්ට රෝග පීඩාවලට බදුන් වීමට සිදු වේ.
- නිවාස ආශ්‍රිතව පවතින වායු දූෂණයද පරිසර වායු දූෂණයද වඩා බරපතල බව සොයගන තිබේ. එක් නිවසක සිදුවෙන වායු දූෂණයක ප්‍රතිඵල යාබද නිවස් වලටද බල පෑ හැකිය .
- පොදු අංගෝපාංග පමණක් නොව සමහර අවස්ථාවල ගිනි පැතිරීම වලක්වීමට හෝ ගින්නකදී ගැලවීම සදහා තබා ඇති මංපෙත් පවා ආවරණය වන පරිදි ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් නොකිරීම
- වාතාශ්‍රය ඇහිරෙන පරිදි විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු සවිකිරීම නොකල යුතුය .
- කෘමීන් බෝ වන පරිසරයක් නිවස තුල හා පිටත භූමිය තුල නිර්මාණය කිරීමට නොකිරීමට වග බලා ගැනීම .
- දුර්ගන්ධය පැතිරෙන දෑ එකතු කිරීමෙන් වැලකීම
- කැලි කසල බැහර කිරීමේ නිසි ක්‍රම්වේදයක් භාවිතා කිරීම
- බුලත් කෙල ගැසීමෙන් වැලකීම
- අන් අයට කරදරයක් නොවන පරිදි හැසිරීම හා තම කටයුතු කරගෙන යාම
- අන් අයගේ වුවමනා එපාකම් පිළිබද සංවේදී වීම
- අන් අය සමග සුහදශීලීව හැසිරීමට වග බලා ගන්න
- පොදු කටයුතු සදහා දායකත්වය
- පොදු වුවමනාවන් වෙනුවෙන් තම වුවමනාවන් සීමා කර ගැනීමට ඇති සූදානම
|