Home
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2025 Banner

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

‌ලෝක ජනාවාස දින ජාතික සැමරුම් මහෝත්සවය PDF Print E-mail
Written by Administrator   
Wednesday, 05 October 2022 04:27

ලෝක ජනාවාස දින සැමරුම් ජාතික මහෝත්සවය

සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ 1986 වසරේ සිටය. ඒ අනුව 2022.10.03 වන සඳු දින සමරනු ලැබුවේ 36 වැනි ලෝක ජනාවාස දිනයයි.

මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වූයේ “වෙනසක් නොකරමු – කිසිවෙක් කිසිතැනක අත්නොහරිමු” යන්නයි. 

ඒ අනුව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදයෙන් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් මැති ඇමතිවරුන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් ලෝක ජනාවාස දිනය අරලිය ගහ මන්දිරයේදී සමරනු ලැබීය.

ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ මහල් නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීම කඩිනම් කරන බවය. මෙවර ලෝක ජනාවාස දිනයට සමගාමීව මේ කටයුත්ත ආරම්භ කරනු ලැබීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මේ නිවාස ව්‍යාපෘතිවල කටයුතු සිදු කරනු ලබයි. මෙම ආයතන තුන පසුගිය කාලයේදී නිවාස 85,600 ක් ඉදිකර ඇත. ඉන් හිමිකම් ඔප්පු ලබා දී තිබෙන්නේ 47,619 කට පමණි.

තවත් නිවාස ඒ්කක 37,981 කට හිමිකම් ඔප්පු ලබා දීමට ඇත. ඒ අනුව ලෝක ජනාවාස දිනය සැමරූ අද දිනයේදී මහල් නිවාස හිමියන් 650 දෙනෙකු සඳහා හිමිකම් ඔප්පු ලබාදීම ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.

ඒ අනුව ඉදිරි වසරක කාලය තුළ මෙම හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල අවසන් කිරීමට දැනටමත් නිලධාරින්ට උපදෙස් දී ඇති බව නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන ලදී. තවද, නිවසක අයිතිය සියළුම දෙනාටම හිමිවිය යුතු බව රජය විශ්වාස කරන බැවින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස අදාළ ආයතනවල නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

ලෝක ජනාවාස දින සැමරුමට සමඟාමීව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එක්ව නාගරික ජනාවාසවල ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ළමා චිත්‍ර, කෙටි චිත්‍රපට හා ගෙවතු වගා තරඟවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රධානය කිරීම ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා වන දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තිවලින් තොරව රටක් සංවර්ධනය කිරීම දුෂ්කරය. මූලික මිනිස් අවශ්‍යතාවයක් සේ ගැනෙන නිවාස සිහිනය සැබෑ කරගැනීමටනම් සම්ප්‍රධායික චින්තනයෙන් මිදී කටයුතු කළ යුතුය. ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක ජීවත්වන අප වසර 36 ක් මුළුල්ලේ එකම මූලික අවශ්‍යතාවයක් හෝ සපුරාගැනීමට අපොහොසත්වීම පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුයි. පවුලේ ආදරණීයයන් සමඟ සතුටින් ජීවත්වන සමාජයක් ගොඩනැගීමට අවශ්‍යනම් රට වෙනුවෙන් සියළුම දෙනා එක්ව ක්‍රියාත්මක විය යුතුයි.ග්‍රාමීය හා නාගරිකව ජීවත්වන්නන්ගේ නිවාස අවශ්‍යතාවය මානුෂික මුහුණුවරින් විසඳිය යුතු බව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද සුබ පැතුම් පණිවිඩයේ සඳහන් විය.

ගරු ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවිඩය නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ මිනිස් ජීවිත වල ආරක්ෂාව දියුණුව හා   බලාපොරොත්තු ඇති නිවසක දරුවන්ගේ අනාගතය ගොඩ නැගිය හැකි වාතාවරණය බිහිකිරීමට අප කැප විය යුතුයි. රට පුරා ආහාර නිෂ්පාදනයට යොමු විය හැකි ප්‍රමාණයන් වැඩිකර ගැනීමටත් නාගරික ප්‍රදේශවල එම නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වූ මධ්‍යස්ථාන ඇති කළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ මහලේකම්වරයාගේ පණිවිඩය එහි මෙරට ප්‍රධානී ලක්ෂ්මන් පෙරේරා මහතා විසින් සභාවට ඉදිරිපත් කෙරිණ.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැතිවරුන්වන තේනුක විදානගමගේ හා අරුන්දික ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත, රෝහණ දිසානායක, කාදර් මස්තාන්, අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් රත්නායක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධිකාරියේ සභාපති නිමේෂ් පෙරේරා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියාරච්චි, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
Copyright © 2025 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05