Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

දෙහිවල සහ කින්දවත්ත මහල් නිවාස PDF Print E-mail

 

ජන සෙවණින් කළ එළි වූ දෙහිවල සහ කින්දවත්ත මහල් නිවාස
ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.

රුපියkindawatteල් ලක්ෂ 135 ක් වැයකර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද තවත් රජයේ මහල් නිවාස ක්‍රම 02 ක් 2012.09.04 වන දින ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මහතා අතින් ජනතා අයිතියට පවරන ලදි.

මෙසේ ජනතා අයිතියට පත් කරන ලද්දේ දෙහිවල සහ කින්දවත්ත නිවාස යෝජනා ක්‍රමයන්ය.


ජාතික නිවාස දෙපාර්තමේන්තුව මඟින් ඉදිකල දෙහිවල නිවාස යෝජනා ක්‍රමය 1970 පෙබරවාරි 20 වන දින ජනතා අයිතියට පවරා ඇත. නිවාස ඒකක 33 කින් යුත් කින්දවත්ත නිවාස යෝජනා ක්‍රමය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකර ජනතා අයිතියට පත් කර ඇත්තේ 1982 දෙසැම්බර් මස 01 වන දිනය. මේ නිවාස යෝජනා ක්‍රම දේකේම  එදා මෙදා තුර සිදු කළ  දැවැන්තම ප්‍රතිසංස්කරණය ජනසෙවණ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මේ වසරේදී සිදු කරන ලදි. මෙය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කෙරෙනුයේ ඔක්තොම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමීව විශේෂ ජනාවාස සතිය මුල් කරගෙනය. මේ යටතේ මෙම නිවාස ක්‍රම පිළිසකර කිරීම සඳහා දෙහිවල ජාතික නිවාස යෝජනා ක්‍රමයට රුපියල් ලක්ෂ 70 කුත් කින්දවත්ත නිවාස යෝජනා ක්‍රමයට රුපියල් ලක්ෂ 65 කුත් වැය කර ඇත.
දැඩි ලෙස ගරා වැටීමකට ලක්ව තිබූ මෙම මහල් නිවාස අමාත්‍ය ජංගම සේවයේ දී විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් වීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණ කටයුතු අරඹන ලදි. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මුළුමනින්ම සිදු කරන ලද්දේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියයි. වහළ, මායිම් තාප්ප, මළ අපවහන පද්ධතිය,  කාණු පද්ධතිය ඇතුළුව සියළු ස්ථානද මුළුමනින්ම ගොඩනැගිලි වර්ණාලේපයද ප්‍රතිසංස්කරණය යටතේ සිදුකරන ලදි.
වසර 40 කට පමණ පසු මෙතරම් මුදලක් වැය කර විධිමත්ව හා කඩිනමින් මෙම ප්‍රතිසංස්කරණය කර දීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් විමල් වීරවංශ අමාත්‍යතුමාටත් මහල් නිවාස වැසියෝ සිය ස්තූතිය ප්‍රකාශ කලහ. මෙම සේවය ඇගයීම සඳහා මහල් නිවාස වාසීන් විසින් විමල් වීරවංශ ඇමතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රධානය කෙරින.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ අතිරේක ලේකම් මංජුලා ප්‍රියංකර මහත්මිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතීඥ කපිල ගමගේ මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ මහතා, විමල් වීරවංශ ඇතිතුමාගේ සම්බන්ධීකාරක දයාල් වෛද්‍යෙසේකර මහතා, මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා, යන නිළධාරීන් සහ මහල් නිවාස වැසියෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05