Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

PDF Print E-mail

දින දින අළුත් වන කොළඔ නගරයට ඔබින ආකාරයටත් මහල් නිවාසවාසින් තුල ආකල්පය වෙනසක් ඇතිකර යහපත් මහල් නිවාස ජීවන සංස්කෘතියකට හුරු කරවීම සඳහාත් , මෙම වැඩ පිළිවෙල ඉමහත් සේ දායක වීය. ජනසෙවණ ජනාවාස සංවර්ධන මෙහෙයුමේ නගර පුරවර වැඩසටහන යටතේ මෙකී ප්‍රතිසංස්කරණයන් මහල්නිවාස වාසින් වෙත   කරදෙනු ලැබිය. එසේම මේ වන විටත් බොහෝ මහල් නිවාස ක්‍රමයන් ප්‍රතිසංස්කරණය වෙමින්ද පවති.

මෙම ප්‍රතිසංස්කරණයන්ගෙන් පසු විධිමත්ව කළමනාකරණ සංස්ථා පිහිටුවා ඒවා නිසි අයුරින් නඩත්තු කරවිම පිලිබඳවත්,කළමනාකරණ සංස්ථා වලට මහල් නිවාසවාසින්ගේ දායකත්වයෙන් පවත්වාගෙන යෑමේ වැදගත්කම හුවා දැක්වීම පිණිසත්, මෙම සම්මේලනය සංවිධානය කෙරිණ. 2014 මාර්තු මස 15වන දින විහාර මහා දේවි උද්‍යාණයේ පැවති රජයේ මහල් නිවාසවල කළමනාකරණ සංස්ථා සම්මේලනය සංවිධානය කරනු ලැබුවේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මගිනි.

කළමනාකරණ සංස්ථා පිහිටුවාගෙන මහල් නිවාසයන්හි පරිපාලන හා නඩත්තු කටයුතු නියාමන කිරීමේ බලතල පැවරී ඇත්තේ මෙම අධිකාරියටයි.

මේ සඳහා මහල් නිවාසවාසින් විශාල ප්‍රමාණයගේ සහභාගිත්වයක් ලැබිණ. මෙම සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ ඉදිකිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් විරවංශ මහතායි.

වීදි නාට්‍ය හා හරවත් ගී වලින්ද රසවත්වු මෙම සම්මේලනය මහල් නිවාසවාසින්ට නවමු අත්දැකිමක් විය. මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා පෞද්ගලික අංශයේ මහල් නිවාසවල කළමනාකරණ සංස්ථා නියෝජිතයින්ද මීට සහභාගි කරවා ගන්නා ලදි.

මේ පිළිබඳ අදහස් දැක්වු මහල් නිවාසවාසි ජනතාව කියා සිටියේ වාර්ෂිකව මෙවන් සමුළුවක් පැවැත්විම තුලින් තමන් ජීවත්වන මහල් නිවාසයන්හි නඩත්තුව නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ඔවුන් දිරිමත් වූ බවත් මෙම දැනුවත් කිරීම ඔවුනට ඉතා වැදගත් වු බවත්ය.

උත්සවය අවසානයේදි අමාත්‍ය ගරු විමල් වීරවංශ මහතා සහභාගි වූ ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාවේදි ජනතාව ඉදිරිපත් කල ගැටළු සඳහා විසඳුම් ලබාදිමට අදාල නිලධාරින්ට උපදෙස්ද ලබාදුනි.

මේ වන විටත් වැඩ අවසන්ව ජනතා අයිතියට පත්කර ඇති මහල් නිවාස ප්‍රතිසංස්කරණය හා යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් රු.මි.765.9ක් වැය කර ඇති අතර ඉන් ප්‍රතිලාභි ලත් පවුල් සංඛ්‍යාව 5112කී.

මෙම අවස්ථාව සඳහා කොළඔ නගර සභාවේ නාගරික මන්ත්‍රි සහ ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ මොහොමඩ් මුසම්මිල් ,සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ , සාමාන්‍යාධිකාරි ජී.යූ.උපවංශ , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(මුදල්) කේ.එච්.ඒ.උපාලි යන මහත්වරුන් හා ආරාධිතයෝ රැසක්ද සහභාගි වූහ.

 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05