Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

නිවසට අයිතියක් - සාඩම්බර දිවියක් PDF Print E-mail
Written by Administrator   
Friday, 26 August 2022 07:11

නිවසට අයිතියක් - සාඩම්බර දිවියක්

මෙතෙක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට අයත් ආයතන මඟින් ඉදිකරනු ලැබූ මහල් නිවාස පදිංචිය සඳහා ලබා දුන්නද විවිධ ගැටළු හේතුවෙන් මේවාට ඔප්පු ලබා දීම ප්‍රමාදයක්ව පැවතිණ. මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා ඔප්පු ලබා දීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී අවධාරණය කරනු ලැබූයේ මේ සම්බන්ධයෙන් ආයතන අතර පවතින ගැටළු 2022 සැප්තැම්බර් 31 දිනට පෙර අවසන් කර වසරක් ඇතුළත එම ඔප්පු නිවාසහිමියන් වෙත ලබා දීමටයි. තවද, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින්ද අවධාරණය කර තිබුනේ මහල් නිවාසවාසීන්ට ඔප්පු ලබාදීම කඩිනම් කිරීමටයි.

මේ වනවිට අමාත්‍යංශය යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතන මඟින් නිවාස 32,933 ක් ලබා දී ඇති අතර ඉන් නිවාස 22,308 කට ඔප්පු ලබා දිය යුතුව ඇත. දීර්ඝ කාලයක් තිස්සේ මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ තත්ත්වය තුළ නිවාසවාසීන් බොහෝ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව තිබිණි. ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා විසින් ගත් මෙම ක්‍රියාමාර්ගය මේ සඳහා දුෂ්කරතාවයන්ට මුහුණ දුන් නිවාසහිමියන්ට ඉමහත් සහනයකි. තවද, කාලීන අවශ්‍යතාද සැළකිල්ලට ගෙන සහාධිපත්‍ය දේපළ පනත සංශෝධනය කිරීම අධිකරණ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර කඩිනම් කරන ලෙස අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා වෙත ගරු අමාත්‍යතුමා උපදෙස් දෙනු ලැබීය.

මෙම මහල් නිවාසයන්හී නඩත්තුව, පරිපාලනය හා කළමනාකරණය සඳහා මෙතෙක් බාධාවක්ව පැවතියේද එම මහල් නිවාසවාසීන් වෙත හිමිකම් ඔප්පු ලැබී නොතිබීමයි. ඔප්පු ලබා දීම තුළ මෙම මහල් නිවාසයන්හී කළමනාකරණ සංස්ථා පිහිටුවා මේවායේ නඩත්තුව, පරිපාලනය හා කළමනාකරණය විධිමත් පරිදි සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් රත්නායක, ආයතන සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.


හිමිකම් ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේ ප්‍රවෘත්ති නිවේදනය මෙහි පහත දිගුව තුළින් නැරඹිය හැක.

https://www.youtube.com/watch?v=_ABr26GL_eE


Last Updated on Friday, 26 August 2022 07:17
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05