Home
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සදහා නව සභාපතිවරයෙකු පත්කෙරේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ලෙස ජේ.එන්.නානායක්කාර…

More...
Clean Sri Lanka Project

Clean Sri Lanka Project

As part of the Clean Sri Lanka Project, the cleaning initiative for the Demagogue Apartment Scheme is scheduled to commence…

More...
Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

Introdusing HOTLINE for any inquire

More...
Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks, a business unit of Nuevvo Webware Ltd.

2026

ACT

papertag1

papertag2

papertag3

4papertag e

papertag 05

papertag 06

7papereng

gazatte

SAHADIPATHYA Paper

front

ලෝක ජනාවාස දිනය සමරමු - සහාධිපත්‍ය කලමණාකරණ අධිකාරිය PDF Print E-mail
Written by Administrator   
Monday, 03 October 2011 04:39

පාසලයි ඔබයි නිවසයි

ලෝක ජනාවාස දිනය සමරමු - සහාධිපත්‍ය කලමණාකරණ අධිකාරිය

1986 වසරේ සිට වාසස්ථාන මගේ අයිතියයි යන තේමාවෙන් ඇරඹි ලෝක ජනාවාස දිනය 2011 ඔක්තොම්බර් මස 03 වන සඳු දින සමරනුයේ මෙක්සිකෝවේදීය. මෙවර ‍තේමාවේ පරමාර්ථය වනුයේ

ලෝකයේ සෑම නගරයකම වෙසෙන ජනතාවගේ නාගරික ජනාවාසකරණය අනාගතය සඳහා සුරක්ෂිත කිරීමය. වසර 24ක් පුරා අඛණ්ඩව ලෝකයේ විවිධ රටවල විවිධ කාලීන තේමාවන් ඔස්සේ ක්‍රියාත්මක වූ ලෝක ජනවාස දිනයේ මෙවර තේමාව ජනවාස හා කාලගුණික විපර්යාස යන්නයි.

මෙහිදී 21 වන සියවසේ අප මුහුණ දෙමින් සිටින ප්‍රබල අභියෝගයක් වන කාලගුණික විපර්යාස නගර සහ ඒවායේ වෙසෙන ජනතාවගේ ජනවාස හා ජීවන තත්වය කෙරෙහි කුමන අයුරකින් බලපානු ඇත්ද ඒ සදහා සාමූහික වශයෙන් අප කල යුත්තේ කුමක්ද ? යන්න පිලිබඳව සාකච්ඡාවට බඳුන් වනු ඇත. කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස කාර්මිකරණයේ දී හා ජනාවාසකරණයේදී නගරාශ්‍රිතව හා ඊට සමීප ප්‍රදේශයන්හි අධික ලෙස කර්මාන්ත ශාලා පිහිටුවීම, ඵමගින් පාලනයකින් තොරව පරිසරයට අපද්‍රවය මුදාහැරීම , සීමිත ඉඩම් ප්‍රමාණයක් තුල අධික ජනඝනත්වයක් රැදී සිටීම තුලින් මතු වන්නා වූ පාරිසරික ගැටළුකාරී තත්වය ක්‍රම ක්‍රමයෙන් මෙම කාලගුණික විපර්යාස තත්වයන් වර්ධනය වන්නට හේතු විය . එහි උපරිමය ප්‍රතිඵලය ,පරිසරය විසින් පෙරලා අප මත ඇති කරනු ලැබූ ලබන විනාශකාරී තත්වයන්ය. කර්මාන්තශාලා මගින් මුදාහරිනු ලබන අහිතකර වායු සංයුතීන් නිසා ඕසෝන වියන මත ඇතිකරනු ලබන බලපෑම්ය . මේ නිසා සමස්ත කාලගුණයේම සිදු වනු ලබන විපර්යාසයන්ය. එහි බලපෑම වර්තමානයට සේම අනාගතයටද එක සේ අහිතකරය. එබැවින් මේ සඳහා ඉදිරි වසර 10 සිට 30 දක්වා කාලය ඇතුලත ඊට ගොදුරු විය හැකි නගරයන් අප විසින් හඳුනා ගත යුතුව ඇත තදාසන්න ලෙස මීට ගොදුරු වන නගර සඳහා විසඳුම් අප විසින්ම සොයා ගත යුතු වේ . නො එසේනම් මෙහි අවසන් ප්‍රතිපලය වනු ඇත්තේ කාලගුණික විපර්යාස මගින් නාගරික ජනවාසකරණය හා නගර සංවර්ධනයන්ට මිණිය නොහැකි ලෙස හානි සිදුවීමයි. මෙම තත්වය නාගරික සැළසුම්කරණයේදී වඩාත් පරිසර හිතකාමී සැළසුම් ක්‍රියාත්මක කිරීම තුලින් අවම කරගත හැක.

පසුගියදා මීට සමගාමීව පැවති ලෝක ජනාවාස සමුළුවේදී මෙරට ක්‍රියාත්මක නගමු පුරවර වැඩසටහන සම්බන්ධයෙන් ඉංජිනේරු සේවා ඉදිකිරීම් නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මහතා සිය දේශනයේදී කරුණු දැක්වු අතර එම සැලැස්මේ වු පරිසර හිතකාමී ඉදිකිරීම් සම්බන්ධයෙන් සමුළු නියෝජිතයන්ගේ දැඩි අවධානය යොමු විය . ඒ අනුව මින් පැහැදිලි වනුයේ පරිසර හිතකාමී නගර හා නිවාස සංවර්ධනය කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම ලෝකයේ සෙසු රටවල්ද දරනු ලබන උනන්දුවයි.

මෙවර ලෝක ජනාවාස දිනයට සමගාමීව සහාධිපත්‍ය කලමණාකරණ අධිකාරිය මගින් කොලඹ නගර සීමාව තුල පිහිටි තෝරාගත් පාසල් කිහිපයක දරු දැරියන් උදෙසා “මහල් නිවාසවල ජනතාව ජීවත් වීමේ රටාව ” යන මැයින් දේශන හා දැනුවත් කිරී‍මේ වැඩමුළු මාලාවක් දියත් කෙරේ . මෙම දැනුවත් කිරීම් මාලාවේ දේශකයින් ලෙස සහාධිපත්‍ය කලමණාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ මහතා , සාමාන්‍යාධිකාරි උපාලි උපවංශ මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ශාන්ත පුෂ්පකුමාර යන මහතුන් සහභාගි වේ .

මේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන තෝරා ගනු ලැබුවේ සුවිශේෂී අරමුණක් වෙනුවෙනි .අද දරුවා හෙට අනාගතය භාරගන්නා පුරවැසියෙකි . ඔවුන් සමාජය වෙත යා යුත්තේ නිවැරදි මනසකින් විය යුතු අතර ඔවුන් සතුව රටේ සංවර්ධනයේ අභිලාශයන් හි සුවිශේෂතා තිබිය යුතුය . එවන් පිරිපුන් පුරවැසියන් බිහිකිරීමට දායක වීමෙහි ලා මෙමගින් මේ පාසල් දරුවන්ගෙන් ලද දැනුම ඉවහල් කොටගෙන “මහල් නිවාසයන්හි සාඩම්බර ජීවන රටාවේ” සංස්කෘතික ,සාමාජීය හා අන්නෝන්‍ය සහයෝගිතාවය පිළිබද ආකල්ප ප්‍රමුඛ විය යුතුය යන අදහස පෙරදැරිව වේ.

මේ සදහා සහභාගි කර ගන්නා පාසැල් වනුයේ ආනන්ද මහ විද්‍යාලය , නාලන්ද මහා විද්‍යාලය , ගෝතමී බාලිකා විද්‍යාලය ,විශාකා බාලිකා විද්‍යාලය සහ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලය ය . අප සහාධිපත්‍ය ක්ෂේත්‍රයේ රජයේ නියමු අධිකාරිය ලෙස ඒවන් වූ පරපුරක දැයේ දරුවන් දැනුවත් කරලී‍මෙහි ලා වූ මහඟු කටයුත්ත වෙනුවෙන් ලෝක ජනාවස දිනය තේමා කරගෙන මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි .

ලෝකය අප සමගය . එහි වෙසෙන සෑම මානවයෙක්ම එකිනෙකාගේ මිතුරන්ය . අප එකිනෙකා මුහුණ දෙන උපද්‍රවයකදී ඊට විසදුම් සොයා ගත යුත්තේ අප අපමය .

එබැවින් අප සැවොම එක්ව මේ සදහා පෙළ ගැසෙමු. ලෝක ජනවාස දිනයේ මෙවර තේමාව යථාර්තයක් වන්නේ ඵවිටය .

Last Updated on Monday, 03 October 2011 04:47
 
Copyright © 2026 Condominium Management Authority. All Rights Reserved.
Joomla! is Free Software released under the GNU/GPL License.
Banner
 

Circuit Bangalow

Related Links

link 01

link 02

link 03

link 04

link 05